අභිරහස් ලෙස ඝාතනය කර දමා ගෙනවිත් දමන ලද බවට සැක කරන මිනුවන්ගොඩ ප්‍රාදේශීය
සභා සන්ධාන මන්තී්‍ර ඉන්දික දිනේෂ් සිල්වා 28 මහතාගේ සිරුර කොටදෙනියාව
මෝහිණිගේ පාලම යට තිබී හමුවීඇත.
මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී
කටුනයක මඩවල පදිංචිව සිටි ඉන්දික
දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා (28) නම් දෙදරු
පියෙකි.
ඒ මහතාගේ
සිරුර පෙරේදා 28 රාති්‍ර ප්‍රදේශයේ
තරුණයකුට හමුවීමෙන් පසුව දඹදෙණිය රෝහලට ගෙනයනවිටත් මියගොස් තිබිණි. ඔහුගේ යතුරු
පැදියද එහි තිබී හමුවූ අතර ඒ අවස්ථාව වනවිටත් එය කි්‍රයාත්මකව පැවති බවද කියන
පොලිසිය ඔහු කිසියම් තැනකදී මරා දමා මේ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි සැක
කරයි. මන්තී්‍රවරයාගේ සිරුර තිබී ඇත්තේ
යතුරු පැදියට තරමක් දුරින් පාලම යට පදුරක් අස්සේ තිබීයදීය.
කොටදෙනියාව පොලිසියේ රථවාහන අංශයේ
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.ආර්. දයාරත්න මහතා මේ මරණය රිය අනතුරක් නිසා
වූවක් දැයි සොයා වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී හෙලිවූ තොරතුරු අනුව මෙම මරණය
සැක කටයුතු ආකාරයෙන් සිදුවී ඇති බව අනාවරණය වීමෙන් පසු ඊයේ 29 උදේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක පරීක්සාවට ලක් කරන ු ලැබීය.
පාලම යට තිබුනු යතුරු පැදිය
හමුවනවිටත් එහි එන්ජිම කි්‍රයාත්මකව පැවතුණ අතර එම පැදිය නිව්ටල් ( ගියරයක නැත) කර
තිබීමත් මියගිය අයගේ බවට සැක කෙරෙන පාවහන් යුගල හා ජංගම දුරකථනය ස්ථාන තුනක
තිබීමත් යතුරු පැදියේ පැති කණ්නාඩි කැඩී තිබුනත් ඒවායේ කැඩුනු කොටස් කිසිවක් අපරාධ
ස්ථානයේ නොවීමත් යන කරුණු සැලකිල්ලට ගත් පොලිසිය මෙම අය කිසියම් ස්ථානයකදී මරා දමා
මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි යන නිගමනයට පැමිණ ඇත. හිස් බීම බෝතල් දෙකක්ද මේ
ස්ථානයේ තිබී හමුවී ඇත.
පෙරේදා 28 රාති්‍ර මෙම
ස්ථානයේ සුදු පැහැති වෑන් රියක් නවතා තිබූ
බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර එම රිය සොයා ගැනීමේ පරීක්ෂනයක්ද පැවැත්වේ.
මියගිය මන්තී්‍රවරයා පසුගිය මහ මැතිවරනයෙන් පසු උපේක්ෂා ස්ර්ණමාලී මන්ථී්‍රවරියගේ
පුද්ගලික ආරකි්ෂකයකු ලෙස කටුයුතු කර ඇතැයිද ඇය රජයට එක්වීමෙන් පසු මොහු පසුගිය
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඉහල මනාප සංඛ්‍යාවක් ලබාගෙන මිනුවන්ගොඩ ප්‍රාදේශීය
සභාවට පත්වී ඇතියිද හෙලිවී ඇත. බන්ධනාගාරයේදී මරා දමනු ලැබූ පාතාල නායක අසිතගේ
හිතවතකුවූ බව කියන මිය ගිය අය දිවුලපිටියේ පාතාල නායකයකුවූ පොලිස් වෙඩි ප්‍රහාරයකට
ගොදුරුව මියගිය ධම්මිකගේ මව මරා දැමීමේ සිද්ධියේ සැකකරුවකුවූ බවද පොලිසීය සදහන්
කරයි.
කොටදෙනියාව පොලි්ස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයා ගම්මන්පිල
මහතාගේ මෙහයවීම මත පොලිස් සැරයන්වරුන්වන 26510 ජයවර්ධන 19480 ප්‍රසන්න , කොස්තාපල් චන්ද්‍රසේන යන නිලධාරිහු මූලික පොලිස් පරික්ෂන පැවැත්වූ අතර
මිීගමුව අපරාධ ස්ථාන නිලධාරීන් හා පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ අපරාධ පොලිස්
අධිකාරී පී.ඒ.රණවීර මහතා ඇතුලූ නිලධාරි පිරිසක්ද විශේෂ පරීක්ෂනයක් ආරම්භ කළහ.
සිද්ධිය පිලිබද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂනය පැවැත්වූ මිනුවන්ගොඩ වැඩ බලන
මහේස්ත්‍රාත් කේ. ඒ. ආරියතිලක මහතා මේ පිලිබදව කුලියාපිටිය මහේත්ත්‍රාත් අධිකරණයට
කරුනු වාර්තා කර මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කර වාර්තාවක් ලබා
ගන්නා ලෙස පොලිසියට නියෝග කලේය.
No comments:
Post a Comment