Sunday, January 1, 2012

දිවයිනේ දැනට විශාලම පිත්තල බෝධි ප්‍රාකාරය





 සංඝමිත්තා මහරහතන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධී අංකූරය ලක්දිවට ගෙන ආ අන්දම සිහිපත් කරනු සදහා පිත්තලෙන් නිර්මාණය කරන ලද කි්‍රලෝ ග්‍රෑම් දහසක් පමන බරැති පැරනි කැටයම් ආදියෙන් අලංකාරව සැකසූ රන් ආලේපිත ප්‍රාත්‍රයක් බෝධි ප්‍රාකාරයක් ලෙස සකසා විවෘත කිරීම නව වසර උදාවත් සමග පෙරේදා 1 මීරිගම දාසෙන්පව්ව දැඩි මුණ්ඩ දේවාල භූමියේදී සිදු විය.
විෂ්කම්භය අඩි 12 අගල් තුනක්වන මෙම ප්‍රාත්‍රය උසින් අඩි හය හමාරකි. මෙවන් විශාල තරමේ පිත්තල ප්‍රාත්‍රයක් සේ දිස්වන බෝධී ප්‍රාකාරයක් දැනට දන්නා පරිදි දිවයිනේ කිසිම තැනක නැති බවත් ඒ හා සමාන ප්‍රාත්‍රයක් තම පරම්පරාවේ හෝ කිසිවෙකු මේ දක්වා නිර්මානය කර නැති බවත් මෙම ප්‍රාත්‍රය නිර්මාණය කළ පිලිමතලාව කිරිවවුල ටී. එන්. රාජකරුණා මහතා කීය.
මීට පෙර නිමකර ඇති ප්‍රාත්‍රයක් විශ්්කම්භය අඩි පහකට සීමාවී ඇතැයිද සුදත් කුමාර රජකරුණා සහ චමින්ද කුමාර රාජකරුනා පුතුන් සමග දෙමාසයක් තිස්සේ වෙහෙසවී මෙම නිර්මානය කල බවද ඒ සදහා ග්‍රෙන්ස් 18 විශාල පිත්තල තහඩු භාවිතා කල බවද ඒ මහතා කීය.
සංඝමිත්තා මහරහතන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධී අංකූරය ලක්දිවට ගෙන ආ අන්දම සිහිපත් කරනු සදහා මෙම බෝධී ප්‍රාකාරය සැකසීමට තමන් තීරණය කළ බවත් ඒ සදහා වැයවූ රුපියල් ලක්ෂ 18 ක මුදල එක් දායකයකු විසින් දැරූ බවත් දේවාලයේ ටී. සුසන්ත ජනපි්‍රය ජයසිංහ කපු මහතා සදහන් කලේය.

 

1 comment:

  1. නියමම වැඩක් නේ මේක. යන්න ඕනේ දවසක බලලා එන්න...

    ReplyDelete