Friday, December 23, 2011

ගල්ෙෙනිය ජනතාවට පාලමක් ඕනෑ





මාඔයේ අතු ගංගාවක් වන කුඩාඔයෙන් එගොඩවී ගිරිඋල්ල නගරයට හා ගම්පහ කොළඹ පෙදෙස් කරා පහසුවෙන් ගමන් කරන්නට පාලමක්් තැනීමට දෙවතාවකදී මුල්ගල් දෙකක් තැබුවත් ගල්දෙණිය ඇපලදෙණිය අවට ගම්වාසීන්ට තවමත්් පිහිටට ඇත්තේ ලෑලි පාලම පමණි.
බස්නාහිර පළාතට මායිම් වන වයඹ පළාතට අයත් තුඹුල්ල, නවතල්වත්ත, බෝගහවත්ත, මාවත, කනමීවල, තිරුවම්පොල, ගල්දෙණිය ආදි ගම්මාන කිහිපයක දහස් ගණනක් ජනතාව කාලාන්තරයක් තිස්සේ කුඩා ඔයෙන් එතෙරව ඇපලදෙණිය ගම්මානය ඔස්සේ ගිරිඋල්ලට පැමින තම ගමන් පහසුව සලසා ගැනීමට පුරුදුව සිටියේය. මේ මාර්ගය භාවිතා නොකළහොත් මේ ජනතාවට බෝයවලාන හෝ මීරිගම අෙඕපුස්ස ඔස්සේ ගිිරිඋල්ලට යාම මෙන්ම දුම්රියෙන් ගමන් පහසුව සලසා ගත හැකි වුවත් ඒ සදහා සැතපුම් හත අටකට වැඩි දුරක් වටවන්දනාවක යාමට සිදුව ඇත.
මේ පිරිස් 1994 දක්වා කුඩා ඔයෙන් එතෙරවී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කම්බි දෙපොටක පිහිටෙනි. 1997 දී අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාවූ ධර්මසිරි රත්නායක මහතා ගේ මෙහෙයවීම මත ජනතාවගේ සහභාගිත්වයෙන් රේල්පීලී තුනක් මත සිල්පර කොට දමා අඩි තුනක් පලලින් යුතු අඩි හැත්තෑපහක් පමන දිගැති ඒ ද`ඩු පාලම ඉදි කර ඇත. මේ කටයුත්ත ආරම්භ කරන අවස්තාවේ ගල්දෙණිය පාසල පාරේ සිට මෙම ස්ථානයට පාපැදියක්වත් ගමන් කිරීමේ පහසුව නොවූයෙන් පලමු සිමෙන්ති කොට්ටය ඔසවාගෙන ආයේද එම සභාපතිවරයා විසින්ම බව ගමේ පැරැන්නෝ සිහිපත් කරන්නේ ගෞරවය පෙරදැරිවය.
මේ ආකාරයෙන් බිහිවූ මෙම පාලම —ගලAදෙනිය - ඇපලදෙණිය කොලඅත්ත ලෑලි පාලම ˜ ලෙස නම් කෙරී ඇත. අත්වැලක් හෝ නැතිව මෙයින් ගමන් පහසුව සැලසුනත් අවස්තා කිහිපයකදී මෙහි පටු බව නිසාම පාපැදි යතුරු පැදි ආදිය පෙරැලී ඔයට වැටීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙක් මීය ගිය බවද දැන ගන්නට ලැබිණි.
මෙහි සිල්පර කොටන් එකින් එක දිරා යද්දී ඝනකමින් අඩු ලෑලි කැබලි , උණ බම්බු, මෙන්ම වල් ගස්වලින් කපා ගත් අතු කැබිලිතිද මෙහි අතුරාගෙන තම ගමන් පහසුව සලසා ගැනීමට ජනතාව පුරුදුව සිටි බව මෙහිදී හෙලිවිය. මෙසේ කල් ගත වෙද්දී 2009 දී මෙම ස්ථානයේ ස්ථීර පාලමක් තැනීමට මුල්ගලක් තබා ඇතත් එයින් පලක්වී නැත. අනතුරුව 2010 අප්‍රේල් මස හයවැනිදා පලමු මුල්ගල ගලවා ඉවත් කර එවකට මහාමාර්ග සංවර්ධන ඇමති ටී.බී .ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අලූතින් තැබූ මුල්ගල එම විස්තර සහිතව අදත් දැකිය හැකිය. ඊට කළින් වූ මුල්්ගල ගැලවූ තැන වළද දැකිය හැකිය.
මෙම පාලම තැනීමෙන් තමන්ට ගල්දෙණිය සිට ඉක්මන් ගමනින් විශේෂයෙන්ම දඹදෙණීය රෝහල ඇතුලූ නගර ගම් දනව් කරා යාමේ පහසුව සැලසෙන බවත් මේ පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මෙම ප්‍රදේශවාසීහු පවසති. මේ අතර ඇපලදෙණියේ දරුවන් ගල්දෙණීය පාසලට එන්නේද මෙම පාලමේ පිහිටෙනි.

1 comment: