Thursday, December 29, 2011

මන්ත්‍රී සිරුර මෝහිණී පාළම යට






අභිරහස් ලෙස ඝාතනය කර දමා ගෙනවිත් දමන ලද බවට සැක කරන මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා සන්ධාන මන්තී්‍ර ඉන්දික දිනේෂ් සිල්වා 28 මහතාගේ සිරුර කොටදෙනියාව   මෝහිණිගේ පාලම යට තිබී හමුවීඇත.
      මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා   මන්ත්‍රී  කටුනයක මඩවල   පදිංචිව සිටි ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා (28) නම් දෙදරු පියෙකි. 
      ඒ මහතාගේ සිරුර පෙරේදා 28 රාති්‍ර ප්‍රදේශයේ තරුණයකුට හමුවීමෙන් පසුව දඹදෙණිය රෝහලට ගෙනයනවිටත් මියගොස් තිබිණි. ඔහුගේ යතුරු පැදියද එහි තිබී හමුවූ අතර ඒ අවස්ථාව වනවිටත් එය කි්‍රයාත්මකව පැවති බවද කියන පොලිසිය ඔහු කිසියම් තැනකදී මරා දමා මේ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි සැක කරයි.  මන්තී්‍රවරයාගේ සිරුර තිබී ඇත්තේ යතුරු පැදියට තරමක් දුරින් පාලම යට පදුරක් අස්සේ තිබීයදීය.
  කොටදෙනියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.ආර්. දයාරත්න මහතා මේ මරණය රිය අනතුරක් නිසා වූවක් දැයි සොයා වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී හෙලිවූ තොරතුරු අනුව මෙම මරණය සැක කටයුතු ආකාරයෙන් සිදුවී ඇති බව අනාවරණය වීමෙන් පසු ඊයේ 29 උදේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක පරීක්සාවට ලක් කරන ු ලැබීය.
 පාලම යට තිබුනු යතුරු පැදිය හමුවනවිටත් එහි එන්ජිම කි්‍රයාත්මකව පැවතුණ අතර එම පැදිය නිව්ටල් ( ගියරයක නැත) කර තිබීමත් මියගිය අයගේ බවට සැක කෙරෙන පාවහන් යුගල හා ජංගම දුරකථනය ස්ථාන තුනක තිබීමත් යතුරු පැදියේ පැති කණ්නාඩි කැඩී තිබුනත් ඒවායේ කැඩුනු කොටස් කිසිවක් අපරාධ ස්ථානයේ නොවීමත් යන කරුණු සැලකිල්ලට ගත් පොලිසිය මෙම අය කිසියම් ස්ථානයකදී මරා දමා මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි යන නිගමනයට පැමිණ ඇත. හිස් බීම බෝතල් දෙකක්ද මේ ස්ථානයේ තිබී හමුවී ඇත.
පෙරේදා 28 රාති්‍ර මෙම ස්ථානයේ  සුදු පැහැති වෑන් රියක් නවතා තිබූ බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර එම රිය සොයා ගැනීමේ පරීක්ෂනයක්ද පැවැත්වේ.
මියගිය මන්තී්‍රවරයා පසුගිය මහ මැතිවරනයෙන් පසු උපේක්ෂා ස්ර්ණමාලී මන්ථී්‍රවරියගේ පුද්ගලික ආරකි්ෂකයකු ලෙස කටුයුතු කර ඇතැයිද ඇය රජයට එක්වීමෙන් පසු මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඉහල මනාප සංඛ්‍යාවක් ලබාගෙන මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට පත්වී ඇතියිද හෙලිවී ඇත. බන්ධනාගාරයේදී මරා දමනු ලැබූ පාතාල නායක අසිතගේ හිතවතකුවූ බව කියන මිය ගිය අය දිවුලපිටියේ පාතාල නායකයකුවූ පොලිස් වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මියගිය ධම්මිකගේ මව මරා දැමීමේ සිද්ධියේ සැකකරුවකුවූ බවද පොලිසීය සදහන් කරයි.
කොටදෙනියාව පොලි්ස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයා ගම්මන්පිල මහතාගේ මෙහයවීම මත පොලිස් සැරයන්වරුන්වන 26510 ජයවර්ධන 19480 ප්‍රසන්න , කොස්තාපල් චන්ද්‍රසේන යන නිලධාරිහු මූලික පොලිස් පරික්ෂන පැවැත්වූ අතර මිීගමුව අපරාධ ස්ථාන නිලධාරීන් හා පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ අපරාධ පොලිස් අධිකාරී පී.ඒ.රණවීර මහතා ඇතුලූ නිලධාරි පිරිසක්ද විශේෂ පරීක්ෂනයක් ආරම්භ කළහ.
සිද්ධිය පිලිබද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂනය පැවැත්වූ මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් කේ. ඒ. ආරියතිලක මහතා මේ පිලිබදව කුලියාපිටිය මහේත්ත්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස පොලිසියට නියෝග කලේය.

Friday, December 23, 2011

ගල්ෙෙනිය ජනතාවට පාලමක් ඕනෑ





මාඔයේ අතු ගංගාවක් වන කුඩාඔයෙන් එගොඩවී ගිරිඋල්ල නගරයට හා ගම්පහ කොළඹ පෙදෙස් කරා පහසුවෙන් ගමන් කරන්නට පාලමක්් තැනීමට දෙවතාවකදී මුල්ගල් දෙකක් තැබුවත් ගල්දෙණිය ඇපලදෙණිය අවට ගම්වාසීන්ට තවමත්් පිහිටට ඇත්තේ ලෑලි පාලම පමණි.
බස්නාහිර පළාතට මායිම් වන වයඹ පළාතට අයත් තුඹුල්ල, නවතල්වත්ත, බෝගහවත්ත, මාවත, කනමීවල, තිරුවම්පොල, ගල්දෙණිය ආදි ගම්මාන කිහිපයක දහස් ගණනක් ජනතාව කාලාන්තරයක් තිස්සේ කුඩා ඔයෙන් එතෙරව ඇපලදෙණිය ගම්මානය ඔස්සේ ගිරිඋල්ලට පැමින තම ගමන් පහසුව සලසා ගැනීමට පුරුදුව සිටියේය. මේ මාර්ගය භාවිතා නොකළහොත් මේ ජනතාවට බෝයවලාන හෝ මීරිගම අෙඕපුස්ස ඔස්සේ ගිිරිඋල්ලට යාම මෙන්ම දුම්රියෙන් ගමන් පහසුව සලසා ගත හැකි වුවත් ඒ සදහා සැතපුම් හත අටකට වැඩි දුරක් වටවන්දනාවක යාමට සිදුව ඇත.
මේ පිරිස් 1994 දක්වා කුඩා ඔයෙන් එතෙරවී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කම්බි දෙපොටක පිහිටෙනි. 1997 දී අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාවූ ධර්මසිරි රත්නායක මහතා ගේ මෙහෙයවීම මත ජනතාවගේ සහභාගිත්වයෙන් රේල්පීලී තුනක් මත සිල්පර කොට දමා අඩි තුනක් පලලින් යුතු අඩි හැත්තෑපහක් පමන දිගැති ඒ ද`ඩු පාලම ඉදි කර ඇත. මේ කටයුත්ත ආරම්භ කරන අවස්තාවේ ගල්දෙණිය පාසල පාරේ සිට මෙම ස්ථානයට පාපැදියක්වත් ගමන් කිරීමේ පහසුව නොවූයෙන් පලමු සිමෙන්ති කොට්ටය ඔසවාගෙන ආයේද එම සභාපතිවරයා විසින්ම බව ගමේ පැරැන්නෝ සිහිපත් කරන්නේ ගෞරවය පෙරදැරිවය.
මේ ආකාරයෙන් බිහිවූ මෙම පාලම —ගලAදෙනිය - ඇපලදෙණිය කොලඅත්ත ලෑලි පාලම ˜ ලෙස නම් කෙරී ඇත. අත්වැලක් හෝ නැතිව මෙයින් ගමන් පහසුව සැලසුනත් අවස්තා කිහිපයකදී මෙහි පටු බව නිසාම පාපැදි යතුරු පැදි ආදිය පෙරැලී ඔයට වැටීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙක් මීය ගිය බවද දැන ගන්නට ලැබිණි.
මෙහි සිල්පර කොටන් එකින් එක දිරා යද්දී ඝනකමින් අඩු ලෑලි කැබලි , උණ බම්බු, මෙන්ම වල් ගස්වලින් කපා ගත් අතු කැබිලිතිද මෙහි අතුරාගෙන තම ගමන් පහසුව සලසා ගැනීමට ජනතාව පුරුදුව සිටි බව මෙහිදී හෙලිවිය. මෙසේ කල් ගත වෙද්දී 2009 දී මෙම ස්ථානයේ ස්ථීර පාලමක් තැනීමට මුල්ගලක් තබා ඇතත් එයින් පලක්වී නැත. අනතුරුව 2010 අප්‍රේල් මස හයවැනිදා පලමු මුල්ගල ගලවා ඉවත් කර එවකට මහාමාර්ග සංවර්ධන ඇමති ටී.බී .ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අලූතින් තැබූ මුල්ගල එම විස්තර සහිතව අදත් දැකිය හැකිය. ඊට කළින් වූ මුල්්ගල ගැලවූ තැන වළද දැකිය හැකිය.
මෙම පාලම තැනීමෙන් තමන්ට ගල්දෙණිය සිට ඉක්මන් ගමනින් විශේෂයෙන්ම දඹදෙණීය රෝහල ඇතුලූ නගර ගම් දනව් කරා යාමේ පහසුව සැලසෙන බවත් මේ පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මෙම ප්‍රදේශවාසීහු පවසති. මේ අතර ඇපලදෙණියේ දරුවන් ගල්දෙණීය පාසලට එන්නේද මෙම පාලමේ පිහිටෙනි.

ඇත් රජු අවසන් ගමනට සැරසී













නිදහස් ලංකාවේ පලමු අගමැතිවරයාවූ මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මහතා ඇතුලූ පවුලේ අයගේ රැකවරණය හා ඇසුර ලබමින් දශක හතකට වැඩි කලක් තිස්සේ මෙරට බෞද්ධ සංස්කෘතියේ ප්‍රගමනයට මහත් දායකත්වයක් ලබාදුන් ගාමිණි ඇත් රජුගේ අභාවය සම්බුද්ධ සාසයට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් වන්නේයැයි පිරිස්යාල ශී්‍ර මුනින්දාරාම මහ පිරිවෙන් විහාරාධිපති මඩිතියවල මේධංකර ශී්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පැවැසුවේ බෝතලේ වලව්වේ ඇත්ගාලේ අවසන් පුරුකවූ තෙවතාවක් සිරි දළදා කරඩුව වැඩම කරවීමේ හා දිවයිනේ විවිධ පෙදෙස්වල පෙරහර දහසක පමණ සධාතුක කරඩුව වැඩම කරවීමේ භාග්‍යය ලත් ගාමිණි ඇත් රජුගේ අවසන් කටයුතු සිදු කෙරුනු අවස්තාවේ අනුශාසනාවක් කරමිණි.
සිවු මසක පමන කාලයක් තිස්සේ අසනීපව සිටි ගාමිණි   21 උදේ අලව්ව කහඹිලියාව වත්තේදී අවසන් හුස්ම හෙලීය. පසුව ඇත් නිලමේ ලෙස කටයුතු කළ ඒ. විපුලසේන මහතාගේ මෙහෙයවීම මත ඇත් රජුගේ දේහය මහ පෙරහරින් එදින සවස මීරිගම බෝතලේ වලව්ව වෙත රැගෙන එනු ලැබීය. දේවින්ද සේනානායක මහතා ප්‍රමුඛ පවුලේ් ඥාතිහූ පැන් වඩා පින්දී පාංශකූලය පවත්වා එහිදී අවසන් කටයුතු කරනු ලැබීය. තිස් නමකට අධික මහා සංඝරත්නය මේ අවස්තාවට වැඩම කරවූ අතර දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වය ද පැවැතිනි.
අනු නාහිමියෝ මෙසේද පැවසූහ.
මනුස්ස ගති ඉක්මවන තරම් ගූණයෙන් පිරුනු ගාමිණි ඉතිහාස ගතවන හස්තිරාජයෙක් ලෙස හදුන්වන්න පුලූවනි. ඒ සත්පුරුෂ හස්තියා අද යලි නොනැගිටින සදා කාලික නින්දට වැටිලා අද මෙහි සයනය කරනවා. කිසිදා මිනිස් ඝාතන සිදු නොකල මේ හස්තියාගෙන් රටට විශේෂයෙන්ම පෙරහරවලට සිදුවූ දායකත්වය මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. අද සිට ඒ සියල්ල අවසන් වෙන්නේ මහත් හිස් තැනක් ඇති කරමිනුයි.
මේ අඩුව කවදා කොහොම පුරවන්න ලැබේවිදැයි කියන්නත් බැහැ. අසනීපෙන් සිටින අවස්තාවේ සෙත් පිරිත් දේශනා කර සෙත් පතන්න මහ සගරුවන වැඩම කළ අවස්තාවේ අසුන් ගන්නා ලෙස හොඩින් සංඥා කලේ අපේ සිත් සතුටු කරමවමින්. කදුලූ වගුරවමින් සෙත් පිරිත් ශ්‍රවණය කළ හැටිත් මම මේ අවස්තාවේ සිහිපත් කරන්නේ මේ ඇතුගේ උතුම් ගුණාංග සිහිපත් කිරීම සදහාමයි. මේ උත්තම ඇත් රාජයාට අපි නිවන් සැප පා්‍රර්ථනා කරමු.
බෝතලේ ගෝඨාභය රාජමහා  විහාරාධිපති කඩිගමුවේ පේමානන්ද  හාපිටිගම් කෝරලේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යායමාහිමියෝ මෙසේ පැවසූහ.
ජීවිතයේ අනියත බව පසක් කරමින් ගාමිණි ඇත් රජු අද අලූයම අපි කාටත් හොරෙන් සමු අරන් ගියේ අපි සියලූ දෙනා ශෝකයට පත් කරමිනුයි. ඇතුගේ භවගාමී ජීවිතය සැපවත් කරන්න අපි මේ අවස්ථාවේ  පින් අනුමෝදන් කරවමු.  ඇත් නිලමේ විපුලසේන මහතා හතලිස් වසරක් තිස්සේ ඇතුගේ ආරක්සාවට ගත් පියවරත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි.
ඇතුගේ වියෝව බෝතලේට පමණක් නොව මුලූ මහත් රටටම සිදුවූ පාඩුවක් . මේ පාඩුව මකන්න විදියක් ඇත්තේම නැහැ. මේ අඩුව මකන්නට ඇතකුගේ සේවය සලසා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙසත් මම මේ අවසථාවේ දේවින්ද සේනානායක මැතිදුන්ගෙන් ඉල්ලනවා.
කහඹිලියාවල බෝධිරුක්ඛාරාමාධිපති හග්ගත්පොල ඥාණරතන හිමියෝද අනුශාසනාවක් කළ අතර  බෝතලේ රජමහා විහාරස්ථ නාලන්දා පරිවේනාධිපති කඩිගමුවේ නන්ද, නියොජ්‍ය පරිවේනාධිපති කැන්දගොල්ලේ `ඥානිම, මොරවක විහාරාදිකාරි හසලක ධම්මරතන, රාගල්කන්ද විහාරාධිකාරී මොරවක ජිනරතන, හිමිවරුන් ඇතුලූ මහා සංඝරත්නයද මහනුවර ශී්‍ර දළදා මිලිගිවේ අලි ඇතුන් බාරකරු ප්‍රදීප් නියනපලාව මහතා ඇතුලූ පිරිසක්ද සහභාගිවූහ.





මහවනයේ ඉපිද කුඩා කාලයේදීම නිදහස් ලංකාවේ පලමු අගමැතිවරයාවූ මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මහතාගේ රැකවරණයට පත්ව රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පහස ලබමින් බෝතලේ වලව්වේ සෙවනේ හැදෙමින් වැඩෙමින් දශක හතක් තිස්සේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට මහත් සේවයක් ඉටු කළ බෝතලේ වලව්වේ ගාමිණි   ඇත් රජු පෙරේදා 21 මළහිරු බැස යද්දී සදහටම සමුගත්තේ රැස්ව සිටි සහෘදයින්ගේ නෙත් කදුලින් පුරවමිනි.
සිව් මසක් තිස්සේ වයෝවෘද්ධභාවය මත අසනීප තත්වයෙන් සිටි ගාමිණී පෙරේදා 21 උදේ අලව්ව කහඹිලියාව වත්තේදී අවසන් ගමන් ගියේය. සිව් මසකට ඉහතදී අසනීපව ඇද වැටුනු මේ ගිජිදා කහඹිලියාවල බෝධිරුක්ඛාරාමාධිපති හග්ගත්පොල ඥාණරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කරද්දී සැවොම විශ්මයට පත් කරමින්  නැගිට ගත් පසු සිය අවසන් ගමන යනතුරාවටම බිම ඇද නොවැටී නිදි වර්ජිිතව කල් ගත කිරීම විශේෂත්වයක් විය. සිරි දළදා වහන්සේ තෙවරක් ඇතුලූ සධාතුක කරඩූන් මහත් භක්තියෙන් වැඩම කරවීමේ පින් බලය නිසාම ඇතුට මේ හපන්කම් කරන්නට හැකිවූ බව විශ්වාස කෙරේ.
මේ කාලයේ ඇතුගේ පහසුව සදහා ආහාර පාන ළගටම ගෙනවිත් දුන් අතර ඇතුට ආධාරක ලෙස අට්ටාලයක්ද බැද දීමට ඇත් නිලමේ ලෙස කටයුතු කළ ඒ. විපුලසේන මහතා ඇතුලූ ප්‍රදේශවාසීහු        කටයුතු කර තිබිනි.
ඇත් රජු දොඹකරයක ආධාරයෙන් ඔසවා උගේ නිජ බිම වූ බෝතලේ වලව්ව  වෙත ගෙන එනු ලැබුයේ අති විශාල ජනතාවකගේ සහභාගිත්වය ඇතිවය. ඇතු නිජ බිම වෙත ගෙන යද්දී අලව්ව කහඹිලියාවේ වැසියෝ දුක් කදුලූ වගුරවනු දක්නට ලැබිනි.
ඇතුගේ වියෝව සැලවීමත් සමග මහා සංඝරත්නය ඇතුලූ දහස් සංඛ්‍යාත පිරිස් එහි ඇදී ආයේ ඇතුගෙන් සිදුවූ සමාජ මෙහෙවර යළිත් දක්නට නොලැඛෙන නිසා කලගුණ සලකන්නටය.
බෝතලේ වලව් බිමේ කණිනු ලැබූ විහාල වළක ඇතුගේ සයනය සදන්නට දේවින්ද සේනානායක මහතා කටයුතු කර තිබිනි. මහා සංඝරත්නය ආගාම්ක වතාවත් ඉටු කරද්දී දේවින්ද සේනානායක මහතා එම මහත්මිය හා ඇත් නිලමේ ඒ. විපුලසේන මහතා පැන් වඩා ඇතුට පින් අනුමෝදන් කරවනු ලැබූහ.


quot;Iskoola Pota span style=